Sunday, February 1, 2015




මේ වන විට ජංගම දුරකථන විවිධ වෙනස්කම් වලට ලක්ව ව්‍යාප්ත වන මෙවලමක් බවට පත්වී අැත.තායිවානයේ පිහිටුවා ඇති පොලිටොන් ටෙක්නොලජීස් නම් සමාගම විසින් නිපදවා අැති විනිවිද පෙනෙන ජංගම දුරකතනය මේ වසර අගදී වෙළෙඳපොලට නිකුත් කිරීමට නියමිතය.
මෙම ජංගම දුරකතනය විනිවිද පෙනෙන බහුකාර්ය ස්පර්ෂක (Multi-touch) තිරයකින් සමන්විත වේ.
මෙහි මූලාකෘතියට ඔවුන් යොදා තිබෙන්නේ වෙනස් කල හැකි වීදුරු තාක්ෂණය (Switchable glass technology)යන අරුත් ඇති නව ක්‍රමයකි .ඒ ක්‍රමයට අනුව මෙහි රූප තිරයට ගෙනෙන්නේ ද්‍රව ස්ථටික අණු යොදාගනිමිනි. සන්නයන ගුණ ඇති කාබනික පොහොර විමෝචන ඩියෝඩ (Oled) රූප තිරය මත මැවීමට මෙහිදී භාවිත කෙරෙයි.

දුරකතනය වසා තබා ඇති විට මෙහි අණු ඒකරාශී වී කිරි පැහැති සංයෝගයක් බවට පත් වේ.නමුත් ස්විච් කළ වහාම ඒවා නැවත පෙළ ගැසි රූප සටහන්,සංකේත ඇතුළු වෙනත් ලකුණු තිරය මත මතු වේ.

මෙහි විනිවිද නොපෙනෙන කොටස් කිහිපයක් අන්තර් ගතය. එස්ඩී කාඩ්,සිම් කාඩ්,මයික්‍රෝෆෝනය,කැමරාව,බැටරිය ඒ අතර වේ.
එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ දුරකතනයේ දෙපැත්තම පරිහරණය කළ හැකි බවයි.


කෙසේ නමුත් විනිවිද පෙනෙන තිරයෙන් පමණක් මෙම දුරකතනයට වෙළෙඳපොල ආක්‍රමණය කිරීමට නොහැකි බැවින් අනෙකුත් ස්මාට් ෆෝන් වල ඇති සියලුම පහසුකම් මෙම ජංගම දුරකතනයට ඇතුලත් කිරීමට අදාළ සමාගම කටයුතු කරන බවද පැවසේ.





S.B., CLICK.me





Like us on Facebook : CLICK.me

0 comments:

Post a Comment

Which side we should focus on more in this site?

CLICK.me අපි,

Shehan Bharatha
Prabath Dilshan
Mihidun Praneeth
Themiya Dhanushka

CLICK.me

Let's Touch the World with CLICK.me

Total Views

CLICK.me inc.. Powered by Blogger.

Translate

Popular Posts

Our Social Media

Contact Us

075 74 78 289 (Shehan)

Email : Click.mesofty@gmail.com