Cortana (කෝටානා) ඔබට මතක ඇති නේද? iOS හි Siri වගේ Android හි Google Now
වගේ ඔබේ වින්ඩෝස් ජංගම දුරකථනයේ සහායිකාව වුනේ Cortana යි. මේ නව වින්ඩෝස්
මෙහෙයුම් පද්ධතියත් සමඟ කෝටානාත් අලුත් වෙලා. ඒ වගේම මෙතෙක් කලක් ජංගම
දුරකථනයට (Windows Phone) පමණක් සීමා වූ ඇය දැන් Windows 10 මෙහෙයම්
පද්ධතිය සමඟ ඔබේ පරිගණකයටත් ඇවිත්.
ඒ වගේම ඇයගේ හැකියාවත් විශාල වශයෙන් දියුණු කිරීමටත් බුද්ධිමත්ව සිතා
පිළිතුරු දීමටත් හැකියාව ඇයට ලැබිලා. ඔබ කටහඬින් කරන පුංචි විධානයන් හරහා
ඔබේ OneDrive හි දත්ත පිරික්සා අවශ්‍ය තොරතරු ක්ෂණිකව ලබාදීමටත් ඇයට
හැකියාව තිබෙනවා. ඒ වගේම ඇය දැන් පෙරටත් වඩා ඔබේ පුද්ගලික තොරතුරු වලට
අනුකූලව තොරතුරු සපයන නිසා වඩාත් සමීප බවක් දෙනෙනු ඇති බවයි මයික්‍රොසොෆ්ට්
සමාගම ප්‍රකාශ කරන්නේ.
--S.B., CLICK.me
Like us on Facebook : CLICK.me
0 comments:
Post a Comment